පවත්නා වසංගත තත්වය සහ සංචරණ සීමා හමුවේ අසරණ වී සිටින එළවලු ගොවීන්ගේ අස්වැන්න ගොවබිම්වලදීම මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එම එළවලු මහජනතාව වෙත නොමිලේ හෝ ලබාදීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ.
රටපුරා එළවලු ගොවීන් සිය අස්වැන්න විකුණා ගත නොහැකිව සිටින අතර ඒ නිසා සෙසු පළාත්වල එළවලු මිල ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. බොහෝ එළවලුවල සිල්ලර මිල ගණන් රුපියල් 250 ඉක්මවා ඇති අතර ඇතැම් ප්‍රදේශවල එම මිලටද මිලදී ගැනීමට එළවලු නොමැති බවයි වාර්තා වන්නේ.
ඊයේ (02) ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවකදීද ගොවීන්ගේ එළවලු, පළතුරු මිලදී ගෙන බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
(LNW)