සංකූලතා පවතින ගැබිනි මව්වරුන්ට ප්‍රමුඛතාව ලබාදී එන්නත්කරණය ඉදිරියේදි ආරම්භ කිරීමට කටයුතු කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ප්‍රකාශ කළාය.
ඊයේ (2දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇය එසේ කීවාය.
ඇය ප්‍රකාශ කළේ ඊට අදාළ චක්‍රලේඛ සකස් කරමින් තිබෙන බවය. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත්කරණ මෙහෙයුම් කමිටුවේ අනුමැතිය ලැබී ඇති බවද ඇය ප්‍රකාශ කළාය. එසේම අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට ගැබිනි මව්වරුන්ට නිවසින් බැහැරව නොයන ලෙසටද අධ්‍යක්ෂවරිය ඉල්ලීමක් ද කළාය.
අනවශ්‍ය ගැබ් ගැනීම් පිළිබඳ නොපමාව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුම්වත් කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය.
(Aruna)