Thursday, July 30, 2026
Follow Us
දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද සිට යළි විවෘත කෙරේ

සීමිත රාජකාරී සඳහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද සිට යළි විවෘත කෙරෙනවා. තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ රජයේ රෝහල්වල සායන මගින් නිකුත් කෙරෙන ඖෂධ බෙදා හැරීම ඇතුලු සීමිත සේවාවන් ද අද සිට ක්‍රියාත්මක කෙරෙන බවයි.

දැනට ගොඩ ගැසී ඇති පාර්සල් බෙදා හැරීමද අද සිට ක්‍රියාත්මක කෙරෙන බව තැපල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අද සිට සියලු සතොස ශාඛා ද විවෘතව තබන බවයි වෙළඳ අමාත්‍යංශය පැවසුවේ.

(Neth)