Friday, April 19, 2024
Follow Us
ප්‍රතිත්‍රස්ත පනත අවශ්‍ය නොවන බවට ඇමති සජිත්ගෙන් ප්‍රකාශයක්

ප්‍රතිත්‍රස්ත පනත ගෙනඒම අත්හිටුවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවත් ශක්තිමත් කළ යුතු බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

අම්පාර, උහන, මහකණ්ඩිය, දිගාවැව්පුර උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට 17 එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

" මේ 21 වෙනිදා සිදුවූ ත්‍රස්ත ක්‍රියාවත් සමග ගෝලීය ත්‍රස්තවාදය අපේ රටෙත් ආරම්භවීම තුල අපි යෝජනා කල ප්‍රති ත්‍රස්ත පනත අහෝසි කල යුතු බවයි මගේ විශ්වාසය. තිස් වසරක මේ රටේ පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමට උපකාරීවූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශක්තිමත් කරනන් ඕනේ. 21 වෙනිදා ප්‍රහාරයට බිලිවූ ජනතාවගේ මානව අයිතියට මොකක්ද උනේ? ජාතික ආරක්ෂාව විනාශ කරගෙන රකින්න මානව අයිතිවාසිකමක් නැහැ. එයයි මගේ පෞද්ගලික මතය. මේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ විශාල පිරිසක් මේ වන කොට අත්අඩංගුවේ සිටිනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට මේ තරම් ඉක්මනට එවැනි ක්‍රියාවක් කරන්න හැකිවුයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තිබු නිසයි. ඒ නිලධාරීන්ගේ අත් පිටිපස්සට තියලා බැදලා දාලා ත්‍රස්තවාදය මර්ධනය කරන්න කිව්වට හරියන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රති ත්‍රස්ත පනත සම්පුර්ණයෙන්ම අපි අහෝසි කල යුතු බවට" ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

(Neth)