මෙම මාසයට අදාල මහජන ආධාර ගෙවීම ඖෂධ බෙදාහැරීම් ඇතුළු සීමිත රාජකාරී සඳහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට දිනයේ සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
අදාල ගෙවීම් ලාභීන්ට සිය ගෙවීම් කාඩ්පත හෝ වැඩිහිටි හැදුනුම්පත ආරක්ෂක අංශ වෙත ඉදිරිපත්කර තැපැල් කාර්යාල සහ උප තැපල් කාර්යාල වෙත පැමිණිය හැකි බවයි තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ.
රජයේ රෝහල්වල සායන මගින් නිකුත් කෙරෙන ඖෂධ බෙදා හැරීම කොවිඩ් 19 පළමු රැල්ල පැවති අවස්ථාවේදී මෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මගින් හෙට සිට ක්‍රියාත්මක කරන බවද තැපල්පතිවරයා නිකුත් කළ නිවේදනයක සඳහන්.
ඒ සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතීනම් 1950 කෙටි දුරකථන අංකය අමතා වැඩිදුර තොරතුරු දැන ගත හැකියි.
(Neth)