Sunday, April 26, 2026
Follow Us
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ප්ලාස්ටික් ටොන් 584ක් ඉවත් කෙරේ

ලංකාවට ආසන්න මුහුදේ දී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික් කැට ටොන් 584ක් පමණ මේ වන විට වෙරළින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව එම පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරයි.

ඒ අනුව ප්ලාස්ටික් වර්ග සහ පොලිතින් වර්ග සෑදීමට යොදාගන්නා මෙම කුඩා ප්ලාස්ටික් ඇට ආරක්ෂිතව බෑග්වල අසුරා ආරක්ෂිත ස්ථානයක කන්ටේනර් තුළ ගබඩා කර තැබීමට මේ වන විට පියවර ගෙන ඇත.

(Aruna)