දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මීට පෙර සඳහන් කර තිබුණේ පනවා ඇති සංචරණ සීමා ජූනි මස 7 වන දින තෙක් පමණක් ක්‍රියාත්මක වන බවය.
කෙසේ වෙතත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන ඇත.
(Aruna)