Monday, January 19, 2026
Follow Us
මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ගොඩගැසෙයි

මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි විශාල සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ නිල නොවන මට්ටමින් තැපැල් දෙපාර්තමේන්තුව තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වන බවයි.

මේ හේතුවෙන් ඖෂධ බේදාහැරීම් ද අඩාලවීමේ තත්ත්වයක් උද්ගතව ඇත.

තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ඊයේ (01) දින ආරම්භ කළ ද තැපැල් වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ සංචරණ සීමා අවසන් කරන තෙක් සේවය කළ නොහැකි බවයි.

මේ අතර සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේ තැපැල් සේවකයන් සේවයට කැඳවීම දැඩි අවදානම් බැවින් තැපැල් බෙදීම් කටයුතු ආරම්භ කිරීම සංචරණ සීමාවන් ඉවත් කිරීමෙන් පසුව ආරම්භ කරන ලෙස තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන් සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

(Aruna)