Monday, January 19, 2026
Follow Us
පන්දහසේ දීමනාව ලබා දීම අද සිට - පුද්ගලයින් එක් රැස් නොවන අයුරින් දීමනාව බෙදා දීමට සැලසුම්

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට රජය මගින් රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම අද සිට ආරම්භ වනවා. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ පවතින සංචරණ සීමා සහ කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස මෙම මුදල් බෙදාදීම සිදු කරන බවයි. ඒ අනුව මෙවර රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම අවසන් කිරීමට සති එක හමාරක් හෝ දෙකක පමණ කාලයක් ගතවිය හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

 

(Neth)