කිසිවකුට කොවිඩ් මර්දන එන්නත එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් ලබා දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවැසීය. මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණයේ දී ස්පුට්නික් V එන්නතේ එක් මාත්‍රාවක් වුවද ප්‍රමාණවත් බවට සඳහන් කර එන්නත් ලබා දෙන බවට ප්‍රචාරය වන පුවත සම්බන්ධයෙන් ඊයේ (31 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඔහු මෙහිදී කියා සිටියේ එවැනි දෙයක් සම්බන්ධව මෙතෙක් වාර්තා වී නොමැති බවත් එසේ ප්‍රශ්නයක් පවතිනවානම් මාධ්‍ය මගින් ඉදිරියේදී ඒ පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කරන බවය.
එසේම ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාවෙන් දෙවැනි මාත්‍රාව ලබා නොදෙන බවත් දෙවැනි මාත්‍රාව ලබා දීමට වෙනම මාත්‍රාවක් අවශ්‍ය බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවැසීය.
තවද එන්නත් සම්බන්ධව ලැබෙන දත්ත විටින් විට වෙනස්වන අතර ඒ අනුව එන්නත ලබාදෙන කාල පරතරය සහ එන්නත් මාත්‍රා ලබාදෙන ප්‍රමාණය වෙනස් වන බවද ඔහු මෙහිදී කියා සිටියේය.
මේ සම්බන්ධව නිශ්චිත මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙන බවද නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
(Aruna)