Monday, January 19, 2026
Follow Us
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි එන්නත නොලැබුනු පිරිසට තවත් බලාපොරොත්තුවක්

ඉදිරි සති දෙක තුළ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් මෙරටට ලැබෙනු ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ එන්නත් ලැබිය යුතු සියළු ජනතාවට කොවිඩ් මර්ධන එන්නත් ලබාදීමට රජය කටයුතු කරන බවයි.

ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා ලක්‍ෂ 6 කට ආසන්න පිරිසක් අපේක්‍ෂාවෙන් පසු වනවා. එම එන්නතේ දෙවන මාත්‍රාව කඩිනමින් ලබාදීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)