සංචරණ සීමා ලිහිල් කිරීමට කලින් ගත් තීරණ වෙනස් කරයි
ලබන ජූනි මස 07 වැනිදා දක්වා සංචරන සීමා ලිහිල් නොකිරීමට රජය තීරණය කළ බව යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
කෙසේ වෙතත් මින් පෙර රජය තීරණය කර තිබුණේ එලැබෙන මැයි 31 වැනිදා හා ජූනි 4 වැනිදා සංචරණ සීමා ලිහිල් කිරීමටයි.
මෙම තීරණයට එළඹ ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවක් අතරතුරයි.
ජනතාවට අත්‍යාවශ භාණ්ඩ තමන් පදිංචි නිවෙස් අසළදීම මිලදී ගත හැකි වන පරිදි ජංගම වෙළෙද රථ ඔස්සේ බෙදා හැරීමට පියවරගන්නා ලෙස ඒ ඒ දිස්ත්‍රක් ලේකම් වරුන්ට වැඩි දුරටත් උපදෙස් දී ඇත.
(Aruna)