Monday, January 19, 2026
Follow Us
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

කේෂ්ත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ඇතුලත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පෙට්‍රෝලියම්, පොදු ප්‍රවාහන සේවාවන්, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂි පර්යේෂණ සහකාර ඇතුළු සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාලයන්හි කේෂ්ත්‍ර මට්ටමේ නිලධාරින්, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව සියලුම රාජ්‍ය බැංකු සහ පළාත් පාලන ආයතන මගින් සිදුකරන කසළ කලමනාකරණ සේවා කටයුතු අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කොට ඇත.

(Neth)