කොළඹ වරාය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව ඇති එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්පූර්ණයෙන් විනාශ වුවහොත් මෙරට සමුද්‍රීය පද්ධතිය ඇතුලු සමස්ථ පරිසරයට දැඩි අහිතකර බලපෑම් ඇති විය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
එහි සභාපති එස්. අමරසිංහ පැවසුවේ නෞකාවේ ඇති රසායනික ද්‍රව්‍යවල ප්‍රතික්‍රියා හේතුවෙන් දිගුකාලීන ගැටලු මතුවිය හැකි බවයි.
නෞකාව තුල නයිටි්‍රක් ඇසිඩ් ටොන් 25 ක් පමණ පවතින බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම නෞකාවේ බහාලුම් 1,487 ක ඇති සමස්ථ ද්‍රව්‍යවල බර ටොන් 74,000 ක් පමණ වනවා.
එබැවින් මුහුදට වැටෙන ද්‍රව්‍ය ස්පර්ෂ කිරීමෙන් වලකින ලෙස ජනතාවගෙන් යළි ඉල්ලා සිටින බවද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.
ගිනි ගැනීමට ලක්ව ඇති එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට මේ දක්වා හැකි වී නැහැ.
(NEth)