දිනකට බැරල් ලක්ෂයක ධාරිතාවක් සහිත නව තෙල් පිරි පහදුවක් ඉදිකිරීමට ජාත්‍යන්තර ලංසු කැඳවීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති උදය ගම්මන්පිල ඊයේ (25දා) පැවැසුවේය.
දැනට මෙරට තිබෙන එකම තෙල් පිරිපහදුවේ දිනක ධාරිතාව බැරල් තිස් අට දහසකි. මෙම ප්‍රමාණය බැරල් හතළිස් පන්දහස දක්වා වැඩි කිරීමද මෙම නව පිරිපහදුව මගින් සිදු කෙරෙන බව ඇමැතිවරයා පැවැසුවේය.
නව පිරිපහදුව ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා දළ වශයෙන් රුපියල් කෝටි හැට දහසක මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව ජාත්‍යන්තර ලංසු කැඳවීමකින් සිදු කරන මෙරට දැවැන්තම ව්‍යාපෘතිය බවට මෙය පත් වන බව කී ඇමැතිවරයා මෙහි ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා දැනට සිදු කෙරෙන ශක්‍යතා අධ්‍යයන කටයුතු ඔක්තෝබර් මාසයේදී අවසන් වන බවද කීය.
රටේ පවතින නීතිය අනුව තෙල් පිරිපහදුවක් පවත්වාගෙන යාමේ ඒකාධිකාරී බලය ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවටය. ඉදිකිරීම සහ මෙහෙයුම්කර නැවත පැවරීමේ ක්‍රමය යටතේ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන සමාගමට අවශ්‍ය නීතිමය බලය පැවරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කෙරෙන බවද ඇමැතිවරයා පැවැසුවේය.
ඒ අනුව මෙම වසර අවසානයදී ජාත්‍යන්තර ලංසු කැඳවීමකින් නව තෙල් පිරිපහදුව ඉදි කිරීමේ ආයෝජකයා තෝරා ගනු ලැබේ.
(Aruna)