Monday, January 19, 2026
Follow Us
5000 දීමනාව යළිත් ලබාදීමට අවදානය යොමුවෙයි

සංචරණ සීමා බලපැවැත්වෙන කාලයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව යළි ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇත. එම දීමනාව ලබා දිය යුතු පිරිස් හඳුනාගෙන කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස ජීවනෝපාය පිළිබඳ කමිටුවට දැනුම් දී ඇත.

එම වාර්තාව පදනම් කර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ තීරණය මෙම සති අන්තයේ ගන්නා බව ඇමැති නාමල් රාජපක්ෂ ඇමැති මණ්ඩලයට ඊයේ (24 වැනිදා) දැනුම් දී තිබේ.

පළමු කොවිඩ් රැල්ල සමයේද රජය අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දෙන ලදී.

(Aruna)