රෝහල් වෙත රැගෙන එන කොරෝනා ආසාදිතයෙකු මිනිත්තු 15 ත් 30 ත් අතර කාලයකදී භාරගත යුතු බවට සදහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් රෝහල්ගත කිරීමේදී ප්‍රමාදවීම් සිදුවන බවට පාර්ශව රැසක් ඉකුත්දා චෝදනා එල්ල කළා. එම කරුණු සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
මේ අතර පානදුර රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් රෝහලේ වාට්ටු තුල බිම තබා තිබීම සම්බන්ධයෙන් නෙත් නිවුස් පසුගියදා පළමු වරට අනාවරණය කරනු ලැබුවා. මෙම අනාවරණයත් සමග ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් රෝහල් බලධාරීන්ගෙන් කරුණු විමසා වාර්තාවක් කැඳවා තිබෙනවා.
කිසිදු රෝගියෙකු රෝහලේ ඉඩ නොමැතිනම් බිම තැබීමට ඉඩ නොදෙන ලෙසත් ඔවුන්ව ආසන්නතම රෝහල් වෙත මාරුකර යැවීමට පියවර ගත යුතු බවයි මිට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් රෝහල් බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
(Neth)