දිවයිනට පනවා ඇති සංචරණ සීමා අද දිනයේද ක්‍රියාත්මකයි. එය ලබන 25වනදා අලුයම 04දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. එදින රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ලිහිල කරන අතර නැවතත් රාත්‍රී 11සිට 28වනදා අලුයම 04 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා ක්‍රියාත්මකයි.
සංචරණ සීමා පැනවෙන කාල සීමාවේදී හැදුනුම්පතේ අංක ක්‍රමයට හෝ නිවසින් පිටතට යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
මේ අතර දැනට ක්‍රියාත්මක සංචරණ සීමාවල කිසිදු වෙනසක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මෙම සංචරණ සිමා ලබන 28 වනදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
(Neth)