Monday, January 19, 2026
Follow Us
අතරමැදි කොවිඩ් සත්කාර ඒකක 8ක් කොළඹට

කොළඹ දිස්ත්‍රික්කය තුළ අතරමැදි කොවිඩ් සත්කාර ඒකක 08ක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

ඉන් 04ක් මේ වන විටත් සෞඛ්‍ය බලධාරින් වෙත භාරදී ඇති අතර රත්මලාන, හෝමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ප්‍රදේශවල ස්ථාපිත එම මධ්‍යස්ථානවල ආසාදිතයින් 750 දෙනෙකු සඳහා පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

අනෙක් මධ්‍යස්ථාන 04 ද ඉදිරි සතිය තුළ සෞඛ්‍ය බලධාරින් වෙත භාරදීමට සැලසුම් කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

(Aruna)