Monday, January 19, 2026
Follow Us
වවුනියාවේ සීනි කම්හලක් හදන්න සැලසුමක්

වසරකට මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් නිෂ්පාදනය කළ හැකි සීනි කර්මාන්ත ශාලාවක් වවුනියාව දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සූදානම් වෙයි.

සීමාසහිත සුටෙක් සුගර් ඉන්ඩස්ට්‍රි පෞද්ගලික සමාගම සහ කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

මේ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කර උක් වගාව කිරීම සඳහා ඉඩම් හඳුනාගෙන කර්මාන්ත ශාලාව ඉදිකිරීමට සැලසුම්කර තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජනය මෙට්‍රික්ටොන් හයලක්ෂ පනස්දහසකි.

මෙම වර්ෂයේදී පැල්වත්ත, සෙවණගල, ගල්ඔය හා ඇතිමලේ සීනි කර්මාන්ත ශාලාවලින් මෙට්‍රික්ටොන් ලක්ෂයක නිෂ්පාදනයක් කිරීමට සැලසුම් කර ඇත.

එය මෙරට සමස්ත සීනි පරිභෝජනයෙන් සියයට පහළොවකි. දේශීය අවශ්‍යතාවයෙන් සීයයට අසූපහක්ම ආනයනික සීනි වන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන හතළිහකි.

(Aruna)