Monday, January 19, 2026
Follow Us
නිවේදනය කරන ගාණ වගේ දෙගුණයක් තුන් ගුණයක් කොවිඩ් රෝගීන් සමාජයේ ඇති - සුදර්ශනී

PCR පරීක්ෂණ 25,000ක් කිරීමෙන් 2300ක් පමණ ආසාදිතයින් හඳුනාගෙන ඇතැයි පවසන්නේ නම් එම ප්‍රමාණය මෙන් දෙගුණයක්, තුන් ගුණයක් පමණ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් පරීක්ෂණවලට ලක් නොවී සමාජය තුළ සිටින්නේ යැයි තමන් සිතන බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

"අප්‍රේල් 15 ඉඳන් මැයි 15 දක්වා කාලය තුළ 44000ක ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණා. දැන් අපි PCR 25000ක් කරලා 2300 ගාණක් පොසිටිව් වෙනකොට ඒ හා සමාන ප්‍රමාණයකිනුත් නෙවෙයි ඒවගේ දෙගුණයක් තුන් ගුණයක් සමාජයේ ඇතියි කියලා හිතනවා රෝගීන්. අදටත් එන්නත් දීගෙන යනවා අපි සයිනොෆාම් එන්නත් ලක්ෂ හය ඉවර වුණාම ඊළඟ තොගය එනකල් තාවකාලිකව නවත්තන්න වෙනවා" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.

කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වරදින් බව වෛද්‍යවරුන් පවසනවා, එහෙම දුර්වලතාවයක් තියෙනවාද ඇමතිවරු තව දෙන්නෙක් ඉඳලාත් ?

"මමත් ඔය අමාත්‍යාංශයේම නේ ඉන්නෙ. ඒ හින්දා මං ඒ ගැන මොකුත් නොකියා ඉන්නම්. මම රාජ්‍ය අමාත්‍යවරියක් විදියට මේක සදාචාර සම්පන්න නැහැ ඒ ගැන කතා කරන එක" යනුවෙන් ද අමාත්‍යවරිය මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නාය.

කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (19) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

(LNW)