Monday, January 19, 2026
Follow Us
ඩිජිටල් එන්නත් හැදුනුම්පත නිකුත් වේ

මෙරට ජනතාවට ඩිජිටල් එන්නත් හැදුනුම්පත නිකුත් කිරීම අද (19) උදෑසන යුද හමුදා රෝහලේදී සිදු විය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත අදාල මෘදුකාංගය ICTA ආයතනය මගින් සංවර්ධනය කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශය ඊට සහය ලබා දී ඇත.

මේ ඔස්සේ ජනතාවට එන්නත් ලබා ගැනීම සඳහා කලින් වේලාවක් වෙන්කරගනීමට හැකි වන අතර ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වන සහතිකයක්ද ලැබේ.

මෙයින් ජාතික එන්නත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම හා විධිමත් කිරීම අපේක්ෂා කෙරේ.

ඩිජිටල් එන්නත් සහතිකය නිකුත් කිරීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ දැඩි කැපවීමෙන් අදාල ආයතන අතර සම්බන්ධීකරන කටයුතු සිදු කළේය.

මෘදුකාංගය ජනගත කරන අවස්තාවට ICTA ආයතනයේ සභාපති ලලිත් ගමගේ මහතා හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලුතිනන් ජෙනරාල් සන්ජීව මුනසිංහ යන මහත්වරුන් සහභාගී වී සිටියේය.

(Aruna)