Thursday, March 28, 2024
Follow Us
කොවිඩ් ආසාදිතයින්ව නිවෙස්ගත ප්‍රතිකාර කිරීමේ මාර්ගෝපදේශ මාලාව සැකසේ

කොරෝනා ආසාදිත පුද්ගලයින්ට නිවසේදී ප්‍රතිකාර ලබාදීම සදහා අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම මේ වනවිට සිදුකරමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියාසිටියේ කොරෝනා ආසාදිතයන්ට ඔවුන්ගේ නිවෙස්වලදීම ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහන එම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කෙරෙන බවයි.

පවතින තත්ත්වයන් යටතේ කොරෝනා ආසාදිත බවට හදුනා ගන්නා පුද්ගලයින් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේදී යම් ප්‍රමාදයක් පවතිනවා. එවැනි පුද්ගලයින්ට යම් හදිසි රෝගී තත්ත්වයන් මතු වන්නේ නම් ළඟම ඇති කොරෝනා ප්‍රතිකාර ලබා නොදෙන රෝහලකට හෝ ඇතුළත් කිරීමට උපදෙස් ලබාදී ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සදහන් කළා.

(Neth)