Friday, April 26, 2024
Follow Us
වරාය නගර පනත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ගැන රජයේ ස්ථාවරය

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දු සහ සංශෝධන සම්බන්ධයෙන් රජය එකඟ වන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

තවද අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සරළ බහුතරයකින් සම්මත කර ගැනීමට හැකියාව ලැබෙන බවද ඔහු සඳහන් කරයි.

මේ අතර කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතිබව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (18) සඳහන් කර තිබුණි.

(Aruna)