Sunday, April 26, 2026
Follow Us
බලපත්‍ර ලබා ගැනීමකින් තොරව බස්නාහිර පළාත තුළ එළවළු, පළතුරු සහ මාළු අලෙවි කිරීමට අවසර

බලපත්‍ර ලබා ගැනීමකින් තොරව බස්නාහිර පළාත තුළ එළවළු, පළතුරු සහ මාළු අලෙවි කිරීමට අවසර පවතින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. මෙම අවසරය ලබාදී ඇත්තේ ඊයේ දිනයේ පෑලියගොඩ මැනිං වෙළඳපලට සිය අස්වනු රැගෙන ආ ගොවීන් එම අස්වනු අලෙවි කර ගත නොහැකිව පත්වූ අපහසුතාව ද සැලකිල්ලට ගනිමින්.

කිලෝ ලක්ෂ ගණනින් එළවළු සහ පළතුරු ඊයේ දිනයේ පෑලියගොඩ මැනිං වෙළඳපලට රැගෙනවිත් තිබුනද, ඒවා මිලදී ගැනීමට ව්‍යාපාරිකයින් පැමිණ සිටියේ නැහැ.

මේ පිළිබඳ නෙත් නිවුස් ඊයේ අනාවරණ කළා. ඊට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ ඩිලිවරි ක්‍රමයට එළවළු, පළතුරු සහ මාළු අලෙවි කරන ව්‍යාපාරිකයින්ට අද දිනයේ මැනිං වෙළඳපලට පැමිණ ඒවා මිලදී ගත හැකි බවයි.

(Neth)