අද දිනයේ වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්‍ෂා කළ හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ගිණිකොන දිග අරාබි මුහුද ආශ්‍රීතව පවතින පීඩන අවපාතය මේ වන විට ක්‍රමයෙන් දිවයිනේ මුහුදු වෙරලෙන් ඉවතට ගමන් කරමින් ඇති බවයි.
කෙසේවෙතත් මැයි මාසයේ අගභාගයේදී නිරිත දිග මෝසම් වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවා.
මේ අතර පවතින අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාව යටතේ සහන සලසන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7 කට වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. එම දිස්ත්‍රික්වල පවුල් 2,750 කට අයත් පුද්ගලයන් 11,542 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වුණේ. අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 3 ක් වාර්තා වනවා.
මේ අතර අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසෙන ආකාරය සම්බන්ධයෙන් දීස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මෙලෙස අදහස් පල කළා.
(Neth)