වයඹ පළාත තුල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව දැනුම් දී තිබේ.
මේ අනුව වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් පී.බී.එම් සිරිසේන මහතා සඳහන් කරන්නේ වයඹ පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා අදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021.06.15 වන දින දක්වා අත්හිටුවීමට තීරණය කර තිබෙන බවය.
ඒ බැවින් එම කාලසිමාව තුල කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා නැවත ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී 2021.07.15 දින දක්වා දඩ මුදල් අයකිරීමක් සිදුනොවන බවත් පී.බී.එම් සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
(Aruna)