Monday, January 19, 2026
Follow Us
60 පැන්න පිරිසටත් චීන එන්නත ලබාදෙයි

සංකූලතා නොමැති වයස අවුරුදු 60 ඉක්මවූවන්ටද ‘සිනොෆාම්’ එන්නත ලබාදීමට කොවිඩ් පාලන, ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ (13 වැනිදා) තීරණය කර ඇත.

කොවිඩ් කාර්ය සාධක බළකායේ දී ගත් මෙම තීරණයට අනුව අද (14 වැනිදා) සිට සංකූලතා නොමැති වයස අවුරුදු 60 ඉක්මවූවන්ට සිනොෆාම් එන්නත ලබා දෙන බව රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පැවසුවාය. මෙතෙක් සිනොෆාම් එන්නත ලබාදුන්නේ වයස අවුරුදු 30-60ත් අතර වයසේ පසුවූවන්ට පමණි.

මේ වන විට චීනයේ නිෂ්පාදිත එන්නත් ලක්ෂ හයක් ලැබී ඇති තර ඒවා එන්නත් කරණය සිදුවේ. තවත් එන්නත් ලක්ෂ තුනක් කඩිනමින් චීනයෙන් ගෙන ඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

(Aruna)