මෙරට ජනගහනයෙන් මිලියනයකට අධික සංඛ්‍යාවකට කොවිඩ් මර්දන එන්නත දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කොවිඩ් මර්දන එන්නත්වල පළමු මාත්‍රාව 1,007,783කටද, දෙවැනි මාත්‍රාව 223,803කටද මේ වන විට දී තිබේ.
කොවිඩ් - 19 වයිරසය මර්දනය සඳහා චීනයේ නිෂ්පාදනය කළ සයිනොෆාම් එන්නත ගත් කිසිවකුගෙන් අතුරු ආබාධයක් මෙතෙක් වාර්තා වී නොමැති බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය.
මේ එන්නත ගැනීමට කිසිවකුත් බියක් නොවිය යුතු බවත් තමන්ගේ ප්‍රදේශයේ මේ එන්නත දෙන්නේ නම් එය ලබා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
පුද්ගලයන් 71,203ක් මේ වන විට (11දින තෙක්) ගෙන ඇතැයිද ඇමැතිවරයා කීය. කොවිඩ් - 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 50,493 කට පෙරේදා (11) දිනයේ සයිනොෆාම් එන්නත දී තිබේ. කොවිඩ් මර්දන එන්නත් තුනක් දීම කරන අතර, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්, ස්පුට්නික් v, සයිනොෆාම් යන එන්නත් තුන ඒ අතරට අයත්ය.
(Dinamina)