Monday, January 19, 2026
Follow Us
නිරෝධායන රීතී කඩන ජංගම වෙළෙඳුන්ට නීතිය තදින් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

බස්නාහිර පළාතේ පොදු ස්ථානවල ගැවසෙන ජංගම වෙළෙඳුන් නිරෝධායන රීතීන්ට අනුගතව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමට ඊයේ (12) පොලිසිය විසින් කළ විශේෂ මෙහෙයුමකදී ජංගම වෙළෙඳුන් 103 දෙනකු පරීක්ෂාවට ලක් කර ඔවුන්ගෙන් අහඹු ලෙස තෝරාගත් 10 දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර තිබේ.

නමුත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර තිබූ ජංගම වෙළෙඳුන්ගෙන් එක් අයකුට හෝ කොවිඩ් වයිරසය අසාදනය වී නොතිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ විශේෂ මෙහෙයුම ඊයේ (12) උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා කර ඇත. නිරන්තරයෙන්ම නිරෝධායන රීතීන්ට අනුගතව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙවැනි මෙහෙයුම් දිගින් දිගටම කරන බවද කියා සිටියේය.

(Dinamina)