Monday, January 19, 2026
Follow Us
රාත්‍රී කාලයේ දිවයින පුරා සංචරණ සීමා පැනවීමේ තීරණයක්

අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුළ දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මැයි මස 31 වෙනිදා දක්වා මෙම සංචරණ සීමා බලපැවැත්වෙන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේවෙතත් එම තීරණය අත්‍යවශ්‍ය රාජකාරී සදහා බලනොපාන බවයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළේ.

(Neth)