Monday, January 19, 2026
Follow Us
අත්‍යවශ්‍ය සේවා සදහා යන පිරිස් වෙනුවෙන් පමණක් ලංගමයෙන් අන්තර් පළාත් බස් රථ සේවා

සංචරණ සීමා ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය රාජකාරී සදහා යන පිරිස් වෙනුවෙන් අද සිට අන්තර් පළාත් ලංගම බස් රථ සේවා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අවශ්‍යතාව පරිදි යොදා ගැනීම සදහා අමතර බස් රථ ද සූදානම් කර ඇති බවයි.

පළාත් තුළ බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මෙහිදී සදහන් කළා.

(Neth)