කොවිඩ් පාලනය සිදුකෙරෙන සමස්ත ක්‍රියාවලිය විධිමත්ව නිරීක්‍ෂණය කෙරෙන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් තාක්‍ෂණික කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ තමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු බවයි.
රෝහල් සදහා කොරෝනා ආසාදිතයින් ඇතුළත් කිරීමේ නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට ප්‍රමුඛතාව ලබාදීමටද එහිදී අවධානය යොමුව තිබෙනවා.
රට තුළ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින්ගෙන් සියයට 75 ක් පමණ රෝග ලක්‍ෂණ නොපෙන්වන බවයි මෙම සාකච්ඡාවේදී අනාවරණ වී තිබෙන්නේ. වාර්තා වන රෝගීන්ගෙන් සියයට 17 කට පමණ ඔක්සිජන් අවශ්‍යතාවක් පවතින බවත් ඉන් සියයට 5 ක පමණ ප්‍රමාණයක් දැඩි සත්කාර ඒකක වෙත යොමු කිරිමට සිදුවන බවත් හදුනාගෙන ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණ කර තිබෙනවා.
(Neth)