පළාත් අතර සංචරණ සීමා තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන පුද්ගලයින් හැර සෙසු පුද්ගලයින්ට පළාත් අතර සංචරණය තහනම් වනවා. අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන පුද්ගලයින්ට සිය රාජකාරී හැදුනුම්පත අවසර පත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර වෙළදසැල් ඇතුළු අනෙකුත් ආයතන සහ පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් පනවා ඇති නිරෝධායන රෙගුලාසි අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
(Neth)