Monday, January 19, 2026
Follow Us
තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්න, මාම්පෙ බටහිර, මහබාගේ පොලිස් බලප්‍රදේශයේ ඇලපිටවල නවම් මහර, මගුල්පොකුණ පාර එලෙස හුදකලා කළ බවයි.

ඊට අමතරව ඉමදූව පොලිස් බලප්‍රදේශයේ දික්කුඹුර, අහංගම පොලිස් බලප්‍රදේශයේ අටනිකිත, පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ සන්නස්ගම, දොඹගස්වින්න, ගොඩගම යන ග්‍රාම නිලධාරී වසම් ද හුදකලා කර තිබෙනවා.

කහවත්ත පොලිස් බලප්‍රදේශයේ කට්ටන්ගේ අංක 3 කොටස, සූරියවැව පොලිස් බලප්‍රදේශයේ සූරියවැව නගරයද හුදකලා කර ඇති තවත් ප්‍රදේශ කිහිපයක්. බුලත්කොහුපිටිය පොලිස් බලප්‍රදේශයේ උඩපොත සහ කැන්දව යන ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කළ බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

(Neth)