Monday, January 19, 2026
Follow Us
කොවිඩ් මර්දන එන්නත් දෙකක් මෙරට තුළ නිෂ්පාදනයට සාකච්ඡා ඇරඹේ

රට තුළ කොරෝනා මර්දන එන්නත් ගබඩා කිරීමෙන් පසු එන්නත නිෂ්පාදන ක්‍රියාවලිය මෙරටදී ආරම්භ කිරීමට අවධානය යොමුව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඔහු කියා සිටියේ රුසියානු ස්පුට්නික් එන්නත සහ චීනයේ සයිනොෆාම් එන්නත මෙරදී නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එම රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

කොරෝනා මර්දන එන්නත් නිෂ්පාදන සමාගම් සිය තාක්ෂණික දැනුම රජයේ ඖෂධ නිෂ්පාදන ආයතන වෙත ලබාදී ඒ හරහා මෙරට තුළ ආයෝජන සිදු කිරීම අපේක්ෂාව වී තිබෙනවා.

(Neth)