Monday, January 19, 2026
Follow Us
නිරෝධායන ඇඳිරි නීතිය හෝ හුදෙකලා කිරීමක් සිදුකළ හොත් අත්‍යාවශය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ උපදෙස්

යම් දිස්ත්‍රික්කයක් හෝ ප්‍රදේශයක් ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හෝ හුදෙකලා කිරිමක් සිදුකළ හොත් එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කර තිබීම අත්‍යාවශ්‍ය බව දන්වමින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දෙමින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව නිවෙස් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා අදාළ ආයතන, බෙදාහැරීම් ජාල සහ ග්‍රාමීයව බෙදාහරින්නන් සමග සාකච්ජා කොට සකස් කරන ලෙස දැනුම්දී තිබෙනවා.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජංගම වෙළඳාම සඳහා ප්‍රාදේශීය ලේකම් විසින් ජංගම වෙළඳ බලපත්‍ර ලබාදිය යුතු වනවා.

දිස්ත්‍රික්කය තුළ හෝ දිස්ත්‍රික්කයෙන් පිටත ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා ප්‍දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් බලපත්‍ර ලබාදිය යුතු බවයි එම නිවේදනයෙන් දැක්වෙන්නේ.

ජලය, විදුලිය, ගෑස්, ඉන්ධන, පෞද්ගලික සෞඛ්‍ය සේවා, සන්නිවේදන, අපද්‍රව්‍ය කළමනාකරණ සහ හදිසි ආපදා තත්ත්ව කළමනාකරණ සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය අවසරය ලබාදීම සිදුකළ යුතුය.

(Neth)