Monday, January 19, 2026
Follow Us
පළාත් හෝ දිස්ත්‍රික්ක අතර අවශ්‍ය වුවහොත් සංචරණ සීමා

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික්ක අතරේ හෝ පළාත් අතරේ සංචරණ සීමා යෙදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කර තිබේ.

අද (10) මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් අමාත්‍යවරයා පළකර ඇත.

අමාත්‍යවරයා,

“සංචරණ සීමා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට, පළාතෙන් පළාතට අවශ්‍ය පරිදි පනවා ක්‍රියාත්මක කිරීමට රජය සුදානම්. කිසිම ක්‍රියාමාර්ගයක් සහමුලින් ම අපි ප්‍රතික්ෂේප කරලා නෑ. කොවිඩ් -19 තත්ත්වය දිනෙන් දින වෙනස්වන තත්ත්වයක්. එම නිසා ඒ වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගැන සිතා බලා ඒ ක්‍රියාමාර්ගවලට එළඹීමට රජය සුදානම්. අවස්ථාපිත සාධක අනුව මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වන ආකාරය ඒ ගැන සිතා බලා අවශ්‍ය තීරණය ගැනීමට රජය නිරන්තරයෙන් සුදානම්.“

(Aruna)