එළැඹෙන සති හතරක කාලය තුළ විශේෂයෙන් මුව ආවරණ දෙකක්වත් පැලඳ අත්‍යවශ්‍යම කරුණකට පමණක් නිවසකින් එක් අයෙකු බැහැරට ගොස් අවශ්‍ය සංචරණ සීමා කරගත හොත් පවතින වසංගත තත්ත්වය පාලනය කරගත හැකි යැයි’’ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ කීවාය.
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු ‘සයිනොෆාර්ම්’ එන්නතේ පළමු මාත්‍රාව මහජනතාව වෙත ලබා දීම ආරම්භ කරමින් පෙරේදා (08 වැනිදා) පානදුර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දී කීවේය.
චිනයෙන් ලැබුණු ‘සයිනොෆාර්ම්’ එන්නත් මාත්‍රා ලක්ෂ හයක ප්‍රමාණය ජනතාවට ලබා දීම ආරම්භ කරමින් පානදුර සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ වයස අවුරුදු 30ත් 60ත් අතර පුද්ගලයන් සිය (100) දෙනකුට ලබා දීම මෙහිදි සිදු විය.
මෙම අවස්ථාවට සහභාගි වූ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මේ අදහස පළ කළාය.
හදිසි අවශ්‍යතාවක් ලෙස භාවිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට අනුමත කර තිබෙනවා. ඒ අනුව මෙරට භාවිතය ආරම්භ කළා.
රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවල ග්‍රාමසේවා වසම් මට්ටමින් මේ එන්නත ලබා දීමට කටයුතු කරනවා. එමෙන්ම ‘ස්පුට්නික්’ එන්නත ලබා දීමත් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ගම්පහ, කළුතර, කොළඹ, නුවර, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවලින් බහුලව රෝගීන් වාර්තා වෙනවා. එම නිසා මේ දිස්ත්‍රික්කවලට එන්නත ලබා දීමේ දී ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරනවා.
මේ රෝගය වළක්වා ගැනීම සඳහා තිබෙන එකම විසඳුම එන්නත් කිරීමයි. ඒ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පූර්ණ මැදිහත්වීම හා පූර්ණ නායකත්වය මේ වැඩපිළිවෙළට ලබා දී තියෙනවා.
(Aruna)