Monday, January 19, 2026
Follow Us
සයිනොෆාම් එන්නත අද කිරුළපන ජනතාවට

චීන රජයේ ප්‍රදානයක් ලෙස හිමි වූ සයිනොෆාම් එන්නත කිරුළපන ප්‍රදේශයේ ජනතාවට අද දිනයේ එන්නත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එහි ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,896 දෙනෙකු මෙරටින් වාර්තා වූ බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ.

මෙරටින් වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ අනුව කොරෝනා මරණ 22ක් ඊයේ දිනයේ වාර්තා වූ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

(Neth)