Monday, January 19, 2026
Follow Us
රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන ස්ථානයේ වෙනසක්

යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසුවේ රාජ්‍ය වෙසක් උත්සවය වෙනත් ස්ථානයක පැවැත්වීමට ඉදිරියේදී සැලසුම් කරන බවයි.

රට තුළ මේ වන විට ව්‍යෘප්තවෙමින් තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන යාපනයේදී රාජ්‍ය වෙසක් උත්සවය නොපැවැත්වීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත එම තීරණය ගත් බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසීය.

(Aruna)