Monday, January 19, 2026
Follow Us
පොල්තෙල් ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ආහාරය සඳහා ගන්නා පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (07) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදියි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

බෝතල් කළ, ඇසුරුම් කළ,බහලුම්ගතව තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකුණන ලබන ආහාරයට ගන්නා පොල්තෙල්වල වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතුය.

පොල් තෙල් ආනයනකරුවන්, පිරිපහදුකරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් හා වෙළෙදුන් වෙත මෙම නියෝගය බලපැවැත්වෙයි.

එමෙන්ම ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු පිරිපහදු නොකළ පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් අද දිනයේ මැලේසියාව බලා ප්‍රතිඅපනයනය කිරීමට නියමිත බව රේගුව පවසයි.

(LNW)