Monday, January 19, 2026
Follow Us
ෆයිසර් එන්නත මෙරට භාවිතයට අවසර

ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ උපදේශන මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

එම එන්නත් මාත්‍රා මිලියන 05 ක් මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

කොවිඩ්-19 රෝගයට එරෙහිව 95%ක් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති එම එන්නත ජනතාව වෙත ලබා දීමට තරම් ආරක්ෂිත බව බ්‍රිතාන්‍යයේ ඖෂධ නියාමන ආයතනය සඳහන් කරයි

(Aruna)