Monday, January 19, 2026
Follow Us
අ.පො.ස. උසස් පෙළ විභාගයේ දිවයිනේ හොඳම ප්‍රතිඵල තේරීමක් මෙවර නැහැ: විභාග කොමසාරිස් ජනරාල්

2020 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (05) දින නිකුත් විණි. විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කර සිටියේ මෙවර දිවයිනේ හොඳම ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදුනොකරන බවයි.

ඒ අනුව දිවයිනේ මට්ටමින් පළමුවෙනි, දෙවෙනි යනාදී වශයෙන් ප්‍රතිඵල ශ්‍රේණිගත කිරීමක් සිදුනොරන බවට හෙතෙම අවධාරණය කළේය.

මේ වන විට 2020 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර, පාසල් විදුහල්පතිවරුන් හා කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හට මෙම ප්‍රතිඵල බාගත කර ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

පෞද්ගලික අයදුම්කරුවන් හට තම විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවෙන් බා ගත කර ගත හැක.

මෙවර දිවයිනේ හොඳම ප්‍රතිඵල නිකුත් නොකර සිටීමට තීරණය කරනු ලැබුවේ වත්මන් තරඟකාරී ස්වභාවය විශ්ව විද්‍යාල ප්‍රවේශ ලබන සහ නොලබන සිසුසිසුවියන් හට පොදුවේ පීඩාකාරී වන බැවින් බව පූජිත මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම, 2019 වර්ෂයේදී මනෝවිද්‍යාඥයින්ගේ කවුන්සිලයෙන් ලබා දෙන ලද යෝජනා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද හෙතෙම අවධාරණය කළේය.

(LNW)