Monday, January 19, 2026
Follow Us
‘සුව සැරියට’ නව ගිලන්රථ 112ක් ගන්න හදයි

සුව සැරිය ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 112ක් ලබාගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා ජනාධිපතිවරයාට කළ යෝජනාවට අනුමැතිය ලැබුණු බව රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පැවැසුවාය. ඊට අදාළ කැබිනට් මණ්ඩල පත්‍රිකාව කඩිනමින් ඉදිරිපත් කිරීමට නියමිතය.

1990 – සුවසැරිය ගිලන් රථ සේවයට මේ වන විට දෛනිකව දුරකථන ඇමතුම් 5300ක් ලැබෙයි. දිනකට රෝගීන් 1000කට ආසන්න පිරිසක් රෝහල් ගත කරන්නේ ගිලන්රථ 297 කින් බව රාජ්‍ය ඇමැතිවරිය පෙන්වා දෙයි.

සුව සැරිය ගිලන්රථ සේවාවේ කාර්ය මණ්ඩලය 1394කි. ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි සේවය සලසන සුව සැරිය ගිලන් රථ සේවය ඉන්දීය ආධාර මත යහපාලන රජය සමයේ ආරම්භ කරන ලදී.

(Aruna)