Monday, January 19, 2026
Follow Us
මගී තදබදයට විසදුමක් : එක් ගමන් වාරයක් සදහා එකවර බස් දෙකක්

කාර්යාල වේලාවන්වලදී ඇතිවන මගී තදබදයට විසදුමක් ලෙස එක් ගමන් වාරයක් සදහා එකවර බස් දෙකක් අද සිට යොදවන බව බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මගීන් ප්‍රවාහනය කිරීම සහ පෞද්ගලික අංශයේ බස් රථ ධාවනය අඩුවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

බොහෝ මාර්ගවල ඊයේ රාත්‍රියේ සහ අද අලුයම් කාලයේ බස් රථ ප්‍රවාහනය ඉතා අවම මට්ටමක පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. බස් රථ ධාවනය අඩු කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අදහස් දැක්වූයේ මෙලෙසයි.

පවත්නා තත්ත්වය යටතේ බස් රථ ධාවනය අඩු කිරීම තවත් අනතුරකට අත හෙළිමක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

(Neth)