Monday, January 19, 2026
Follow Us
ඇස්ට්‍රාසෙනිකා දුන් අයට දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබාදීමට තවදුරටත් පරීක්‍ෂණ

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දුන් පිරිසට දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දුන් පිරිසට එම එන්නතම දෙවන මාත්‍රාව ලෙස ලබා දිය යුතුය යන්න මේ දක්වා පවතින ස්ථාවරය බවයි.

මෙරටට ලැබෙන ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත ලබා දෙන්නේ අලුත් කණ්ඩායමකට බවයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව නව ලක්ෂ 28,107 ක්. මේ දක්වා පුද්ගලයින් 96,871 දෙනෙකුට එම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී තිබෙනවා.

(Neth)