අද අලුයම 4.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව එක් ගුවන් යානයකින් මෙරටට පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75ක් ලෙස සීමා කර ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ.
මෙම සීමා කිරිම හෙට සිට දින 14 ක කාලයක් සඳහා වලංගු වනවා. රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පැවසුවේ.
මිට පෙර මෙරටට පැමිණෙන ගුවන් යානයකට උපරිම වශයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් 75ක් සහ ඊට අමතරව විදේශීය සංචාරකයින් රැගෙන ඒමට ද අවසර ලබාදී තිබුණා. නව සීමා කිරීම්වලට යටත්ව අද සිට දිවයිනට පැමිණිය හැක්කේ එක් ගුවන් යානයකින් ශ්‍රී ලාංකික පුරවැසියන් සහ විදේශීය සංචාරකයින් 75 දෙනෙකුට පමණයි.
(Neth)