Monday, January 19, 2026
Follow Us
රටතුළ ඉන්ධන හිගයක් නොමැති බව ඇමති ගම්මන්පිල කියයි

රට තුල ඉන්ධන හිගයක් ඇති විය හැකි බවට පැතිරෙන කටකථා පදනම් විරහිත බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. රට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් තමන් දෛනිකව තොරතුරු සොයා බලන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ.

ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවද මෙම අවස්ථාවේ ඉන්ධන මිල වැඩි නොකරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

(Neth)