Monday, January 19, 2026
Follow Us
නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් වෙයි

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මහජනතාව විසින් අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

නව මාර්ගෝපදේශයන්ට අනුව නැවත දැනුම් දෙන තුරු සියලුම සිනමා ශාලා සහ ළමා උද්‍යාන වසා තබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

කොවිඩ් වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සුපිරි වෙළඳසැල් සහ වෙළඳසැල් සඳහාද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අදාළ වෙළඳසැලට එක් වරකට ඇතුල් කර ගත හැකි උපරිම සංඛ්‍යාව පිටත ප්‍රදර්ශනය කළ යුතු බවයි මාර්ගෝපදේශ වල සඳහන් වේ.

එසේම, වෙළඳසැලේ සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු අතර මීටර් එකහමාරක දුරක් පවත්වා ගත යුතුයි.

(Aruna)